අයහපත් කාලගුණ තත්වයෙන් අදත් දුම්රිය ප්‍රමාදයි..
By Piyumika
පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ පැවසීය.
මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
ඉඳිපොලගේ මහතා පැවසුවේ, බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවත් වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවත්ය .