ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

Ranil Wickremesinghe President of Sri lanka Weather Floods In Sri Lanka Presidential Update
By krishani Jun 03, 2024 01:44 AM GMT
krishani

krishani

Report

අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න. | All Destroyed Houses Are Being Reconstructed

එම කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන්කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවක දී සහය ලබා ගැනීම සඳහා ය.

ඒ අනුව ‘0112 421 820’ සහ ‘0112 421 111’ යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවති.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..