ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකය එළියට, මැරුණු පස් දෙනාව බේර ගන්න පුළුවන්කම තිබිලත් බේර ගෙන නෑ

Titan United States of America Law and Order Titanic Submarine Sinhala news
By Kaushi Aug 06, 2025 10:14 AM GMT
Kaushi

Kaushi

Report

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය මඟින් ලොවක් බලා සිටි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වාර්තාවක් මඟින් හෙළිකර තිබෙනවා.

ඒ වසර දෙකකට පසුවයි.

කෙසේ වුවත් එම වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ ටයිටන් සබ්මැරීනයේ ප්‍රධාන කොටස ප්‍රමාණවත් සැලසුම්, ඉදිකිරීම් සහ පරීක්ෂණ නොමැති වීම බව සඳහන්.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

එනිසා පුද්ගලයින් පස් දෙනෙකුට මරණය ළඟා කළ ව්‍යසනයට ටයිටන් සබ්මැරීනය හිමි සමාගම වන "ඕෂන්ගේට්" සමාගම වගකිව යුතු බවත් අඳාළ වාර්තාවේ දක්වා ඇත.

මේ අතර එහි තවදුරටත් සඳහන් වූයේ ටයිටන් සබ්මැරීනය පුපුරායාම වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවයි.

එසේම 2021, 2022 සහ 2023 ආරම්භය පුරා පරීක්ෂණ සිදුකළ සහ කිමිදුම් අතරතුර ටයිටන්හි බොහෝ තාක්ෂණික ගැටලු, අලුත්වැඩියාවන් සහ නඩත්තු ගැටලු වාර්තාවේ විස්තර කර තිබෙනවා.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

ඒ අනුව අවසාන වශයෙන් එක්සත් ජනපදයේ සියලුම ගිල්විය හැකි ද්‍රව්‍ය ඒකාකාර ප්‍රමිතීන් යටතේ ඉදිකර නඩත්තු කළ යුතු බවට සහ නව රෙගුලාසියක් අනුගමනය කරන මෙන් වෙරළාරක්ෂක බළකායෙන් ඉල්ලා සිටින ලෙස ද එම වාර්තාවේ සඳහන්.

අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට 2023 වසරේ ජුනි 26 වෙනිදා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබුණා.

ත්‍රස්ත තර්ජනයක් නිසා සියලුම ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කරයි

ත්‍රස්ත තර්ජනයක් නිසා සියලුම ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කරයි

එහෙත් උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර තිබුණා.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

ReeCha