ත්‍රස්ත තර්ජනයක් නිසා සියලුම ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කරයි

Report

ත්‍රස්තවාදීන්ගෙන් හෝ වෙනත් සමාජ විරෝධී කණ්ඩායමකින් එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් බුද්ධි තොරතුරු මත ඉන්දීය සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යාංශය (Bureau of Civil Aviation Security - BCAS) මඟින් ඉන්දීය ගුවන් තොටුපළවල් සියල්ලෙහිම ආරක්ෂාව තරකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අඳාළ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ 2025 සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ ඇති විය හැකි තර්ජනයක් පිළිබඳවයි.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් ඉකුත් අගෝස්තු 4 වන දින නිකුත් කරන ලද මෙම උපදේශනයෙන් ගුවන් තොටුපළවල්, ගුවන් පථ, හෙලිපැඩ්, ගුවන් පුහුණු පාසල් සහ පුහුණු ආයතන ඇතුළු සියලුම ගුවන් සේවා ස්ථානවල ආරක්ෂක විධිවිධාන වහාම වැඩි කරන ලෙස‍ අවධාරණයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර BCAS උපදේශයේ දැක්වෙන්නේ, "මධ්‍යම ආරක්ෂක ආයතනයෙන් ලැබුණු නවතම තොරතුරු අනුව, 2025 සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ සමාජ විරෝධී අංග හෝ ත්‍රස්ත කණ්ඩායම්වලින් ඇති විය හැකි තර්ජනයක් පවතින බව" යනුවෙන්.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

එමෙන්ම "ඕනෑම අනපේක්ෂිත සිදුවීමක් වැළැක්වීම සඳහා" ආරක්ෂාව තර කරන මෙන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තවද ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට දැඩි හැඳුනුම්පත් පරීක්ෂා කිරීම් සිදු කිරීමට උපදෙස් දී තිබෙන අතර පර්යන්ත, රථගාල්, සහ අනෙකුත් අවදානම් සහිත ස්ථානවල ආරක්ෂක මුර සංචාර වැඩි කිරීමටද නියෝග කර ඇති බව වාර්තා වේ.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්