තොප්පියත් ගලවා දෙවියන් සිහි කළ අපූරු සොරකම - (CCTV VIDEO)

CCTV Police Sri Lanka
By Aruna Nov 07, 2021 07:39 AM GMT
Aruna

Aruna

Report

වෙළෙඳසැළකට ඊයේ (06) රාත්‍රියේ ඇතුළු වන පුද්ගලයෙකු එහි තිබූ රුපියල් ලක්ෂයක මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.

සොරකම සිදුව තිබුණේ හඟුරන්කෙත - රැගල මාර්ගයේ මා ඔය පාසල අසල පිහිටි වෙළෙඳසැළකය.

සොරකම සිදුවෙන අයුරු වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබුණි.

එහිදී භාණ්ඩ සහ මුදල් සොරාගත් පුද්ගලයා වෙළෙඳසැලෙන් පිටවයෑමට පෙර දෑත් එකතු කර වැඳ යමක් ප්‍රාර්ථනා කරන අයුරු ද CCTV කැමරාවේ සටහන් වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha