ලේසියෙන් දළදා වදින්න සිවුරක් පොරවන් ආ සිසුවා

Kandy Sinhala news Temple of tooth
By Mithu Apr 25, 2025 03:20 AM GMT
Mithu

Mithu

Report

මෙවන විට පුරා දින ගණනාවක් බුදුරජාණන් වහන්සේගේ උතුම් දන්තධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම මහනුවර දළදා මාලිගාවේ සිදුවේ.

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

මේ උත්තරීතර අවස්ථාව නෙතින් දැක සිතින් විඳීමට බොහෝ දෙනා මහනුවර ප්‍රදේශයට වැල නොකැඩී එනවා.මේ අධික සෙනඟ නිසා  කිලෝ මීටර් ගණන් පෝලිම් නිර්මාණය වෙලා.

ඉතින් ඒ අතරින් භික්ෂූන්ට ආබාධිත පුද්ගලයන්ට සහ වයස්ගත පුද්ගලයන්ට දළදා වැඳීම සඳහා විශේෂ අවස්ථාවක් සලසලා දීලා තියෙනවා.

එතන ඇය අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන දළදා වන්දනාව පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින් චීවරයක් පැලැඳ භික්ෂු වේශයකින් පැමිණි පාසල් සිසුවකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවැල, තිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි වේරහැර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවකු බව මහනුවර පොලිසිය සඳහන් කළේය.

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

ReeCha