දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?
'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.
අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.
"මේ වනවිට ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ සහ ඒ අවට පැමිණ සිටිනවා.ඒ අනුව දිනකට ලක්ෂයට සිරි දළදා වන්දනාවට අවස්ථාව ලබා දුන්නත් දැනට ඉන්න පෝලිම අවසන් වෙන්න තවත් දින තුනක් ගතවෙනවා.ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට සහ අනිද්දා දින දෙකේ පැමිණීමෙන් වළකින ලෙසට. අපි අද සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රියේ සිට ඒ කටයුත්ත ආරම්භ කරනවා. ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා" ඔවුන් දෙපළ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        