මහත නිසා ඔයත් දුකෙන්ද..බලන්නකෝ මහත අශිර්වාදයක් වුනු හැටි ..

Gossip Today World Russia Latest Headlines
By Piyumika Oct 19, 2024 03:00 AM GMT
Piyumika

Piyumika

Report

නැගෙනහිර රුසියාවේ Okhotsk ආසන්නව මුහුදේ හුළං පිරවිය හැකි කුඩා බෝට්ටුවක මාස දෙකකට වැඩි කාලයක් අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු බේරාගෙන තිබෙනවා.

නිලධාරීන් පවසන්නේ 46 හැවිරිදි Mikhail Pichugin නම් මෙම පුද්ගලයා අගෝස්තු මස මුළදී ඔහු පිටත් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1,000 (සැතපුම් 620) පමණ දුරින් ධීවර බෝට්ටුවක ගමන් ගත් පිරිසක් විසින් සොයා ගෙන ඇති බවයි.

ඔහුගේ සොහොයුරාගේ සහ ඔහුගේ 15 හැවිරිදි බෑණාගේ සිරුරු බෝට්ටුවේ තිබී සොයා ගත් බව සඳහන්.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

Mikhail Pichugin ගේ බිරිඳ පවසා ඇත්තේ මොවුන් තිදෙනා තල්මසුන් නැරඹීමට මුහුදට ගිය අතර සති දෙකකට ප්‍රමාණවත් ආහාර සැපයුම් රැගෙන ගිය බවයි.

නමුත් නියමිත කාලයට තම සැමියා නිවසට නොපැමිණි නිසා බිරිඳ පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම මුහුදු ගමනට ඔවුන්ගේ දියණිය එක් වීමට නියමිතව සිටියත් පසුව එම අදහස ඇය අත් හැරි බවයි බිරිඳ පවසා ඇත්තේ.

මහා භාණ්ඩාගාරයෙන් පොලීසියට මිලියන 1500ක් ..

මහා භාණ්ඩාගාරයෙන් පොලීසියට මිලියන 1500ක් ..

ඇය රුසියාවේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ තම සැමියාගේ ශරීර බර දින 67 ක කාලයක් ඔහුට නොනැසී සිටීමට උපකාර කරන්නට ඇති බවයි.

මෙම ඔහු සංචාරය සඳහා පිටත්ව යන විට ඔහුගේ ශරීර බර කිලෝග්‍රෑම් 100 (රාත්තල් 15 10) වී ඇති අතර වෛද්‍ය වාර්තා පවසන්නේ දින 67 කට පසුව ඔහු බේරා ගන්නා විට එයින් අඩක් පමණ අඩු වී ඇති බවයි.

මහත නිසා ඔයත් දුකෙන්ද..බලන්නකෝ මහත අශිර්වාදයක් වුනු හැටි .. | The Russian Who Floated At Sea For 67 Days