ලංකාවේ දිස්ත්‍රික්ක හතක අවදානමේ - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නයි දැනුම්දීමක්

Report

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (20) පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු - මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්