මුස්ලිම් ජනතාවට සුභ ආරංචියක් - බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

Report

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසුවේ තම ආණ්ඩුව යටතේ මුස්ලිම් ජනතාවගේ හජ් වන්දනා ගමන පනතක් මගින් ප්‍රකාශයට පත් කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි.

මනුෂ්‍යත්වය පුනරුදය උදෙසා පෙළ ගැසෙන ‘මනුදම් පුනරුද සංවාදය’ නමින් සර්ව ආගමික කතිකාවත දෙනුවර බොදු කිතුණු හින්දු ඉස්ලාම් සර්ව ආගමික පූජකවරුන් ගේ සහභාගිත්වයෙන් 16 වැනිදා ගිරාගමනව තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්වූ සර්ව ආගමික කතිකාවතට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

හජ් වන්දනාව පහසුකම් සහිතව සිදු කිරීමට සහ සංචාරක ඒජන්සි සමග සාකච්ඡා කර එහි ගාස්තු යම් ප්‍රමාණයකට අඩු කර දීමට මෙන්ම මේ වන විට වාර්ෂිකව හජ් වන්දනාවට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද සෞදියට ගොස් සෞදි රජය සමග සාකච්ඡා කළ බව මෙහිදී අමත්‍යවරයා කියා සිටියේය.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැඩිදුරටත් පැවසුවේ රජය පිළිගත් වන්දනා ගමනක් ලෙස පිළිගැනීමට ළක්නොවූ හින්දු බැතිමතුන් විසින් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අයිඅප්පන් දෙවිඳුන් වැඳ ගැනීමට සහභාගී වන සබරිමලේ වන්දනා ගමන වසර පනහකට පසු ගැසට් පත්‍රයක් මඟින් ජාතික වන්දනා ගමනක් ලෙස හඳුන්වාදීමට හැකිවූ බවයි.

මුළු ලොවම කම්පාවට - කුරුසිය හිසට කඩා වැටී අගරදගුරු මරුට - පූජාව අතරමැද සිදු වූ ඛේදවාචකය

මුළු ලොවම කම්පාවට - කුරුසිය හිසට කඩා වැටී අගරදගුරු මරුට - පූජාව අතරමැද සිදු වූ ඛේදවාචකය

පොත්ත පිටියේ සුජාත හිමි, පිළිමතලාව දේවධර්ම ශාස්ත්‍රාලයේ ලෙස්ලි දරිජු පියතුමන් හා දව්ලගල මාදින්නාගොඩ පල්ලියේ මාස් මවුලවිතුමා ආගමික පූජකයන් රැසක් සංහිඳියාවේ කතිකාවතට සහභාගී වූ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊ.එම්. බස්නායක, රියාස් පාරුක්, යටිනුවර ප්‍රදේශීය ලේකම් ජයමිණි බෝගහවත්ත, යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති එරන්ද පිටියෙකුඹුර, උඩනුවර ප්‍රාදේශීය සභා සභාපති හසිත වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.