දරුණු අනතුරක් - පතලක් කඩා වැටී පුද්ගලයින් 14ක් මරුට

Report

කොලොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නරීනෝ දෙපාර්තමේන්තුවට අයත් සැන්ටා බාබරා ද ඉස්කුවාන්ඩේ ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය චැම්බරෝ කලාපයේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පසුව ප්‍රදේශයේ සෙවීම් සහ ගැලවුම් මෙහෙයුම් අවසන් කර ඇති බව නරීනෝ ආණ්ඩුකාර ලුයිස් අල්ෆොන්සෝ එස්කොබාර් ප්‍රකාශ කර ඇත.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

කෙසේ වෙතත්, අනතුරින් තවත් පතල් සේවකයන් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව නරීනෝ ආපදා ප්‍රතිචාර නිලධාරී ජෝර්ජ් ටෝවර් කැස්ටිලෝ  සඳහන් කරයි.

අනතුර සිදුවූ කලාපය ඝන වැසි වනාන්තරයකින් වටවී ඇති අතර, බෝට්ටු හෝ කුඩා නෞකා මගින් පමණක් ළඟා විය හැකි අතිශය දුෂ්කර ප්‍රදේශයක් වීම නිසා සන්නිවේදන සහ සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව බලධාරීහු වැඩිදුරටත් පවසති.

මේ ආයතන සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැහැ -විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න

මේ ආයතන සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැහැ -විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න