ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණයේදී විභාගයට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත' අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
මේ අතර, අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම් 23ක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා අද (20) පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.