ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් අලුත්ම දැනුම්දීමක් - තවත් නැවක් ළඟදීම දිවයිනට

Report

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත් කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි. වෙළෙඳපොළට අඛණ්ඩව ගෑස් සැපයීමේ අරමුණින් අවශ්‍ය ගෑස් තොග දිවයිනට ගෙන්වීමේ කටයුතු ද සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් FRANCOIS නෞකාව පෙරේදා දිවයිනට පැමිණ ඇති අතර, එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව සමාගම සඳහන් කරයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් සිව්වැනි නෞකාව වන CORINTHIAN නෞකාව ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බව ද ලිට්‍රෝ සමාගම තහවුරු කර තිබේ.

මෙම ගෑස් තොග දිවයිනට ලැබීමත් සමඟ රට පුරා ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට හැකි වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

ඒ අනුව, වෙළෙඳපොළට ගෑස් හිඟයකින් තොරව සුපුරුදු පරිදි අඛණ්ඩව බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගිකයින්ට වැඩිදුරටත් දැනුම් දෙයි.

අද‍යි හෙටයිත් දිවයින පුරා විදුලි කප්පාදුවක් - 4.30 සිට කරන්ට් යන්නේ මෙහෙමයි

අද‍යි හෙටයිත් දිවයින පුරා විදුලි කප්පාදුවක් - 4.30 සිට කරන්ට් යන්නේ මෙහෙමයි