15ක් විතර ඇවිත් මහත්තයට කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා පිළිගන්න කීවා - වෙඩි තැබූ බවට සැක පුද්ගලයාගේ බිරිඳගෙන් ආයාචනයක්

Report

කාවන්තිස්ස දළ හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහෙස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය ඊයේ (19) නියෝග කළාය.

අඹන්පොළ පොලීසිය මගින් ඉදිරිපත් කළ 'බී' වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා එහි ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අඹන්පොළ පොලීසියට නියෝග කෙරිණි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකුගේ බිරිඳ කියා සිටින්නේ, සිය ස්වාමියා කිසිදු වරදක් නොකර සිටියදී හිතුමතේ පොලීසිය විසින් රැගෙන ගිය බවයි. ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකර සාධාරණය ඉටුකර දෙන ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටියි.

“වලානෙන් කියලා 15ක් විතර ආවා...ඒ ඇවිල්ලා කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා ඔයා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා. මහත්තයා කිව්වා මම නොකරපු දෙයක් කවදාවත් පිළිගන්න බෑ කියලා. මමත් රජයේ සේවකයෙක් මගේ මහත්තයාත් රජයේ සේවකයෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා අපරාධකාරයෙක් කියලා සමාජ මාධ්‍යයේ පළවෙනවා. අපි හතරදෙනාට සමාජයට මූණදෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා මහත්තයෝ...මේක හරි අපරාධයක්. මගේ මහත්තයා කවදාවත් එහෙම අපරාධයක් කරලා නෑ. අපි ලොකු වියදමක් දරලා අලි වැටක් ගහලා තියෙනවා. ඒ වගේ සත්තුන්ට අපි කවදාවත් එහෙම කරලා නෑ. මේක හරිම අසාධාරණයක්. අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ බලපත්‍රය තියෙන තුවක්කුව. ඒකත් අරන් ගියා.”

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය