අකුරණම මළගමක් කළ බිහිසුණු ඛේදවාචකය - මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක්
අකුරණ කුරුගොඩ 7 කණුව ප්රදේශයේදී ඊයේ සිදුවූ, පුද්ගලයින් සිව් දෙනෙකුගේ ජීවිත බිලිගත් රිය අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද එම ස්ථානයට පැමිණීමට නියමිතය.
මෙම අනතුරට සම්බන්ධ සිමෙන්ති මිශ්ර කරන ට්රක් රථයේ (cement mixer truck) රියදුරු අද මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය ප්රකාශ කළේය.
ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
අලවතුගොඩ සිට මහනුවර දෙසට ගමන් කරමින් තිබූ එම සිමෙන්ති මිශ්ර කරන ට්රක් රථය පාලනයෙන් ගිලිහී ගොස්, ත්රිරෝද රථ හතරක්, යතුරුපැදි තුනක්, ටිපර් රථයක් සහ කුඩා ලොරි රථයක් මත ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
එම ට්රක් රථය විදුලි ට්රාන්ස්ෆෝමරයක ද ගැටී ඇති අතර, අනතුරට ලක්වූ යතුරුපැදිවලින් එකක් ගිනිගෙන ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවසීය.
මියගිය සිව් දෙනා අතර කාන්තාවක ද සිටී. ඔවුන් අකුරණ, අලවතුගොඩ සහ මාතලේ ප්රදේශවල පදිංචිකරුවන් වේ.