මහා භාණ්ඩාගාරයෙන් පොලීසියට මිලියන 1500ක් ..

Sri Lanka Police Election Commission of Sri Lanka Sri Lanka General Election 2024 Parliament Election 2024
By Piyumika Oct 19, 2024 02:37 AM GMT
Piyumika

Piyumika

Report

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිසියට රුපියල් මිලියන එක්දහස් පන්සියයක ප්‍රතිපාදන ලැබී තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවත් මැතිවරණ රාජකාරී කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව T20 ලෝක කුසලාන අවසන් සටනට

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව T20 ලෝක කුසලාන අවසන් සටනට

මැතිවරණ දිස්ත්‍රික් 22 කෙහිම තේරීම්භාර කාර්යාලවල මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර නිලධාරීන් යොමුකොට ඇති බවත් පෝස්ටර් ඉවත් කිරීම, මැතිවරණයේ දී ප්‍රවාහන පහසුකම් සැලසීම, මෙන්ම මැතිවරණ නීති කඩකිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

එසේම මෙවර මහ මැතිවරණයේ දී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති හෙයින් ජනාධිපතිවරණයට යොදාගත් පොලිස් නිලධාරීන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන එක්දහස් හයසිය හතළිස් එකක් අතරින් වැය වී තිබුණේ මිලියන එක්දහස් දෙසීය තිහක් පමණි.