සියල්ල කම්පා කරමින් ජීවිත 4ක් අහිමි කළ අකුරණ අනතුරට හේතුව හෙළි වේ
මහනුවර - යාපනය A-09 මාර්ගයේ අකුරණ, 07 කණුව කුරුගොඩ හන්දියේදී ඊයේ (19) උදෑසන පුද්ගලයන් 4 දෙනෙකුට මරු කැඳවූ බිහිසුණු රිය අනතුර සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
ත්රිකුණාමලයේ සිට මහනුවර බලා සිමෙන්ති කුඩු පටවා ධාවනය වූ බල්කර් ලොරි රථයේ තිරිංග එකවරම අක්රිය වීමෙන් රියදුරුට එය පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර, ඉදිරියෙන් ධාවනය වූ මගී බස් රථයක ගැටීම වැළැක්වීමට දකුණට හැරවීමේදී මෙම අනතුර සිදුව ඇත.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එහිදී බෑවුම් සහිත මාර්ගයේ තිබූ ත්රීරෝද රථ 5ක්, ලොරි රථ 2ක් සහ යතුරුපැදි 3ක් ඇතුළු වාහන 8ක ගැටෙමින් බල්කර් රථය පෙරළී ගොස් තිබේ.
අනතුරින් මියගිය පිරිස අතර අලවතුගොඩ සහ අකුරණ පදිංචි 38 සහ 51 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ මාතලේ සහ අකුරණ පදිංචි 16 සහ 28 වියැති තරුණියන් දෙදෙනෙකු වන අතර, ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර මෘත ශරීර ඥාතීන්ට භාරදී ඇත.
තුවාල ලැබූ 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ පාද ඉවත් කිරීමට සිදුව ඇති බව මහනුවර රෝහල් ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවට ගත් 46 හැවිරිදි ප්රයිම්මූවර් රියදුරු අද (20) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තිරිංග පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා මෝටර් වාහන පරීක්ෂකවරයා කැඳවීමට අලවතුගොඩ පොලීසිය පියවර ගෙන තිබේ.