ආණ්ඩුවේ බදු සෙල්ලම ගැන ඇඟ කිලිපොළා යන හෙළිදරව්ව..(VIDEO)

Champika Ranawaka Sri Lanka Government Of Sri Lanka
By Piyumika Jan 02, 2025 11:06 AM GMT
Piyumika

Piyumika

Report

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ අද (02) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සමග එක්වෙමින්.හිටපු අමාත්‍යවරයා ප්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති නව බදු ක්‍රමයේ ප්‍රතිපලයක් ලෙස ජනතාවට විශාල බරක් පැටවී ඇති බවයි.

නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් ඔහු පවසනවා.

වෘත්තිකයන්ට පනවා ඇති නව බදු මගින් ඔවුන්ට විශාල බරක් පැටවී ඇති අතර එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවයි ඔහු පවසන්නේ.

අද ඩොලරයේ අගයට මොකක්ද වුනේ කියලා දන්නවද..

අද ඩොලරයේ අගයට මොකක්ද වුනේ කියලා දන්නවද..

හිටපු අමාත්‍ය පාඨලී  වැඩිදුරටත් අදහස් දක්වමින්..

“පුද්ගලික ආදායම් බදු අඩු වෙලා, උපයන විට ගෙවීමේ බද්ද වැඩි වුණාට වැඩක් නෑ. සමස්තයක් හැටියට බදු ආදායම වැඩි වෙන් නැත්තං වෘත්තීයවේදීන් පීඩනයට ලක්වීම විතරයි වෙන්නේ. නව බදු ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත ක්‍රියාත්මක කරන අතර, එමගින් රටේ ආර්ථිකයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරයි. හැබැයි මැතිවරණයට පෙර ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් කියන අය, ආණ්ඩුවේ ප්‍රකාශකයින් අගමැතිතුමිය මේ හැමෝම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටට වාසිදායක වෙන ආකාරයේ කොන්දේසි සාකච්ඡා කරනවා. මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳව තියෙන සූත්‍රය අපි වෙනස් කරනවා කියන එක ලිඛිතව එතුමන්ලා ඉදිරිපත් කළා. එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, දැන් ඒ ගැන ජනාධිපතිතුමිය හෝ අගමැතිතුමිය කිසිම සද්දයක් නැහැ. දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතනත් දීලා තිබිච්ච ඒ සූත්‍ර පාඨය අනුව ගමන් කරනවා. 2025 වසරේ ආසන්න වශයෙන් රු. බි. 4300 - 4400 අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි. මේක සංසන්දනය කළොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයත් එක්ක ගෝඨාභය පාලන කාලය 2020 අපේ බදු ආදායම තිබුණේ බිලියන 1300 ක් වගේ අමතර වැඩි මනත් වශයෙන් මේ වසරේදී බිලියන 3000 ක් පමණ හොයාගන්න ඕනේ. වෙන වචන වලින් කියනවා නම් හැම පුද්ගලයෙක්ගෙන්ම ආසන්නයෙන් රු. 136,000 ක්, 2020 ට සාපේක්ෂව මේ වසරේ වැඩි මනත් වශයෙන් බදු අයකර ගත යුතුයි. ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඇතැම්විට අපි ඇහෙනවා ආණ්ඩුවේ උපදේශකයින්ගෙන් රාජ්‍ය සේවකයින්ගෙන් හයලක්ෂයක් ගෙදර යවන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කරන්න යන්නේ කියලා.”

“පුද්ගලික ආදායම් බදු අඩු වෙලා, උපයන විට ගෙවීමේ බද්ද වැඩි වුණාට වැඩක් නෑ. සමස්තයක් හැටියට බදු ආදායම වැඩි වෙන් නැත්තං වෘත්තීයවේදීන් පීඩනයට ලක්වීම විතරයි වෙන්නේ. නව බදු ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත ක්‍රියාත්මක කරන අතර, එමගින් රටේ ආර්ථිකයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරයි. හැබැයි මැතිවරණයට පෙර ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් කියන අය, ආණ්ඩුවේ ප්‍රකාශකයින් අගමැතිතුමිය මේ හැමෝම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටට වාසිදායක වෙන ආකාරයේ කොන්දේසි සාකච්ඡා කරනවා.

මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳව තියෙන සූත්‍රය අපි වෙනස් කරනවා කියන එක ලිඛිතව එතුමන්ලා ඉදිරිපත් කළා. එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, දැන් ඒ ගැන ජනාධිපතිතුමිය හෝ අගමැතිතුමිය කිසිම සද්දයක් නැහැ. දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතනත් දීලා තිබිච්ච ඒ සූත්‍ර පාඨය අනුව ගමන් කරනවා. 2025 වසරේ ආසන්න වශයෙන් රු. බි. 4300 - 4400 අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි. මේක සංසන්දනය කළොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයත් එක්ක ගෝඨාභය පාලන කාලය 2020 අපේ බදු ආදායම තිබුණේ බිලියන 1300 ක් වගේ අමතර වැඩි මනත් වශයෙන් මේ වසරේදී බිලියන 3000 ක් පමණ හොයාගන්න ඕනේ.

වෙන වචන වලින් කියනවා නම් හැම පුද්ගලයෙක්ගෙන්ම ආසන්නයෙන් රු. 136,000 ක්, 2020 ට සාපේක්ෂව මේ වසරේ වැඩි මනත් වශයෙන් බදු අයකර ගත යුතුයි. ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඇතැම්විට අපි ඇහෙනවා ආණ්ඩුවේ උපදේශකයින්ගෙන් රාජ්‍ය සේවකයින්ගෙන් හයලක්ෂයක් ගෙදර යවන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කරන්න යන්නේ කියලා.”

මෙදා පාර ලුණුයි බතුයිවත් නැති වෙයි කියලද හිතුවේ..බලන්නකෝ මේ දේ..

මෙදා පාර ලුණුයි බතුයිවත් නැති වෙයි කියලද හිතුවේ..බලන්නකෝ මේ දේ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් යටතේ ආණ්ඩුවට රුපියල් බිලියන 657ක ප්‍රාථමික ශේෂයක් ධන අගයක පවත්වා ගැනීමට සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් නව බදු පනවා ඇති අතර පවතින බදු වැඩි කර ඇති බවත් මෙම තත්ත්වය ශ්‍රී ලාංකික ජනතාවට බරපතල බලපෑමක් ඇති කර ඇති බවත් ඔහු සඳහන් කළා.හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බැංකු තැන්පතු මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% සිට 10%ය දක්වා වැඩි කිරීම බැංකු තැන්පතුකරුවන්ට විශාල අභියෝගයක් වී ඇති බවයි.

බොහෝ දෙනා තම තැන්පතු ආපසු ගෙන වෙනත් ආයෝජන වෙත යොමු වීම නිසා කොටස් වෙළඳපොළේ විශාල වර්ධනයක් දක්නට ලැබෙනවා.මෙම තීරණය බැංකු පද්ධතියට දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි බවද ඔහු අනතුරු අඟවනවා.රජය පවසන පරිදි සේවා අපනයනය සඳහා කිසිදු බද්දක් නොතිබුණද, නව බදු පද්ධතිය යටතේ සේවා අපනයනය කරන වෘත්තිකයන්ට 15% ක බද්දක් අය කිරීමට යෝජනා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

“ඩිජිටල් සේවා බද්දට වැට් බද්ද ගේන්න තීරණය කරලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අනෙක් රටවලත් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ එහෙමයි කියලා. ප්‍රශ්නෙ තියෙන්නේ මේ බද්ද ගැන අපිත් සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේදී. මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහාම ප්‍රකාශයක් කළ යුතුයි. මොකද ඔවුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා මෙවැනි බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ට නැති බව. උදාහරණයක් හැටියට මේක කතා කරපු දෙයක් තමයි පික් මී සහ ඌබර්. ඌබර් එකට බදු නෑ, පික්මී එකට වැට් බදු තියෙනවා. එතකොට ඌබර් එකෙන් බදු අය කරගන්නේ කොහොමද කියලා කිව්වම, ඌබර් එකෙන් බදු අය කරගන්න අපිට බෑ කිව්වා. ඒ මොකද, ඒක ඩිජිටල් සේවාවක් හැටියට කෙලින්ම නෙදර්ලන්තයේ බැංකුවක් එක්ක කරන ගනුදෙනුවක් කියලා. ඒ නිසා දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරන්න ඕනේ”

You may like this video


ReeCha