දළදා වන්දනාවේ පෝලිම 8kmකටත් වඩාත් දිගයි

Kandy Sinhala news Temple of tooth
By Mithu Apr 19, 2025 06:01 AM GMT
Mithu

Mithu

Report

 ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ඊයේ ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව අද දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇති. ඊයේ දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා.

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටියා. මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වුණා.

එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් තිබුණා. පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී  ඇත.

පාසල් 100ක් වසා දැමීමට යයි

පාසල් 100ක් වසා දැමීමට යයි

ReeCha