භාණ්ඩ කිහිපයක මිල පහලට.
Sri Lanka
Lanka Sathosa
By Hashini
ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව,
සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 06කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රිපියල් 222ක් ලෙසින්.
රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 03කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 169ක් වනවා.
කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 06කින් අඩුකර තිබෙනවා.
රුපියල් 549ක් ලෙස එහි නව මිල දැක්වෙනවා.
එමෙන්ම පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල දැක්වෙන්නේ රුපියල් 295ක් ලෙසයි.
එය රුපියල් 05කින් අඩු කර තිබෙනවා.
