මණ්ඩලෙන් වී මෙට්‍රික් ටොන් 5,222 අරන්, හැබැයි කන කෑමේ හැටියට ඒක ඇති වෙන්නේ වේල් දෙකකට විතරයි

Report

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා විසින් ජූලි මස 29 වන දින වන විට රජයේ සහතික මිල යටතේ වී මෙට්‍රික් ටොන් 5,222 ක් මිලදී ගෙන ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වර්තමානයේ වී අස්වනු නෙළන ප්‍රදේශවල වී ගබඩා 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ක්‍රියාත්මක වෙන බව සඳහන්.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

එසේම ඉදිරි සතියේදී තවත් ප්‍රදේශ කිහිපයක වී අස්වනු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින්, එම ප්‍රදේශවලද නව ගබඩා විවෘත කිරීමට කටයුතු යොදනු ඇති බවද පවසා ඇත.

මේ අතර වී මිලදී ගැනීමට රජය විසින් රුපියල් මිලියන 6000 ක මූලික ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව සඳහන්.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

එහිදී අඳාළ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය අතිරේක අරමුදල් ලබාගෙන වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 6,600 ත් අතර වන අතර අවම දෛනික සහල් පරිභෝජනය වෙනුවෙන් වී මෙට්‍රික් ටොන් 9,750 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව සඳහන්.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට