නුවර වැවේ පුද්ගල මළසිරුරක් පාවෙයි, ඇවිත් තියෙන්නේ පෙරහැරට බව හෙළි වෙයි
By Kaushi
මහනුවර පෙරහරට එක් වූ හස්ති පාලක සහායකයෙක්ගෙ මළසිරුරක් අද (31) දින උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීමට අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇති බව සඳහන්.
එසේම ඔහු අලියෙක්ගේ ප්‍රධාන පාලකගේ සහායක ලෙස ද කටයුතු කර ඇති බව පවසයි.
මෙසේ මිය ගොස් තිබෙන පුද්ගලයා අචලංක නැමැති වයස අවුරුදු 28 ක තරුණයෙක් බව සඳහන්.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන බව පවසයි.