නාන කාමරයක සිටි කාන්තාවක් වීඩියෝ ගත කළ පොලිස් සැරයන්ට සිදු වූ දේ.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
නිවසකට ඇතුළු වී, නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් බවයි අම්පාර මූලස්ථානය කියා සිටියේ.
ඔහු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද ඉඩමකට හොර රහසේ ඇතුළු වී එම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශන සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන තිබෙනවා.
අදාල කාන්තාව මේ බව දැක කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.
