රාජකාරි අතරතුර කසිප්පුකාරයින්ගේ උදව්වට ගිය පොලිස් කොස්තාපල්.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
උර 51ක බහා කසිප්පු බෝතල් 21ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක් ද සමඟින්.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බීමතින් සිටි බවත් ඔහු මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට යොදවා සිටින වරකාපොල පොලීසියට අනුයුක්තව රාජකාරි කරන අයෙක් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
පොලිස් කොස්තාපල්වරයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇත්තේ, පොල්ගහවෙල ප්‍රදේශයේ දී හමුවූ පුද්ගලයකු තමන්ට මෙම කසිප්පු තොගය වරකාපොලට රැගෙන ගොස් එහිදී හමුවන අයෙකුට භාර දෙන ලෙසයි.
