පොලිසියේ දී මුදල් පසුම්බියක් සොරකම් කළ අඹු-සැමි යුවළක්‌ අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 06, 2024 05:00 PM GMT
Report

අද (06) පස්වරුවේ වාද්දුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිටි අඹු-සැමි යුවළක් පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කර ඇත.

ඩෙංගු පාලනය කිරීමට මහජනතාවගේ සහයෝගය පතයි...

ඩෙංගු පාලනය කිරීමට මහජනතාවගේ සහයෝගය පතයි...

ඔවුන් දෙදෙනා පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලීසියට පැමිණි අඹු-සැමි යුවළක් වන අතර ඒ අවස්ථාවේ දී මෙම සොරකම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹු-සැමි යුවළකි.

අන්තර්ජාල මුල්‍ය වංචා සිදු කළ තැනැත්තියකට නඩු 22ක්...

අන්තර්ජාල මුල්‍ය වංචා සිදු කළ තැනැත්තියකට නඩු 22ක්...

ඔවුන් ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසා සිටිනවා.