ඩෙංගු පාලනය කිරීමට මහජනතාවගේ සහයෝගය පතයි...
By Parami Dissanayake
අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ, ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවයි.
එමෙන්ම, මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේ ය.
2024 වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති බවද ඒ මහතා අවධාරණය කර සිටි අතර, පවතින ජලගැලීම් තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් රෝග ව්‍යාප්තිය කළමනාකරණය ඉතා වැදගත් බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේ ය.
