අන්තර්ජාල මුල්‍ය වංචා සිදු කළ තැනැත්තියකට නඩු 22ක්...

Report

අද (6 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 275 කට ආසන්න මුදලක් වංචා කළ සැකකාරියකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු 22 ක් පවරන ලදී.

එම සැකකාරිය ත්‍යාග පාර්සල් දෙන බව පවසමින් විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් රවටමින් මෙම මුදල් වංචාව සිදු කර ඇත.

ඩෙංගු පාලනය කිරීමට මහජනතාවගේ සහයෝගය පතයි...

ඩෙංගු පාලනය කිරීමට මහජනතාවගේ සහයෝගය පතයි...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් දෙහිවල, විජය පටුමග, රොද්‍රිගෝ පාර, අංක 06 ලිපිනයේ පදිංචි පත්තිනි කුට්ටිගේ ජූඩ් ලුක්සිකා නෝනිස් නමැති මෙම සැකකාරියට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් එම නඩු 22 පවරනු ලැබිය.

අද පනත් කෙටුම්පත් 2කට එරෙහිව පෙත්සම් විභාග කෙරේ...

අද පනත් කෙටුම්පත් 2කට එරෙහිව පෙත්සම් විභාග කෙරේ...

වසර 07 කට ආසන්න කාලයක් තිස්සේ මෙම තැනැත්තිය අඳාල වංචාවන් කර තිබෙන බවත්, ඒ අනුව ලද පැමිණිලි මත නඩු පවරන ලද බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය වෙත දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සැකකාරිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන් රැවටීමකට ලක්කර ත්‍යාග පාර්සල් දෙන බවට පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි ද දන්වා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තවදුරටත් අදාළ වංචාවන් පිළිබඳව විමර්ශන කරන බව ද දන්වා තිබෙනවා.

අන්තර්ජාල මුල්‍ය වංචා සිදු කළ තැනැත්තියකට නඩු 22ක්... | 22 Cases Against The Person Who Committed