වී අලෙවි මණ්ඩලයේ බලාපොරොත්තු සුනේ සුන්
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් රජය වී මෙට්‍රික් ටොන් 41,600 ක් මිලදී ගැනීමට අපේක්ෂා කළද, වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ගොවීන් අලෙවි කර ඇත්තේ වී කිලෝග්‍රෑම් 56,000 ක් බවට තොරතුරු අනාවරණය වේ.
මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට සියයට 90 කටත් වඩා අවසන් වී ඇත. පෞද්ගලික අංශය වැඩි මිලට ගොවීන්ගෙන් 2024/25 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම නිසා මණ්ඩලයට අලෙවි කරන ලද වී ප්‍රමාණය අඩුවීමට බලපා ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමකදී එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ 2024/25 මහ කන්නයේ පළමු අදියර යටතේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5,000 ක මුදලක් වෙන්කර තිබෙන බවය.
වී අලෙවි මණ්ඩලයෙන් කරන ලද විමසීමකදී එහි සභාපති මංජුල පින්නලන්ද කියා සිටියේ මණ්ඩලයට මේ වනවිට රුපියල් මිලියන පහක වී මිලදී ගෙන තිබෙන බවය. 2024/25 මහ කන්නයේදී වී වගා කරන ලද සමස්. කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 773,678 ක් වේ.
ඉන් අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2,607,217 ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වී ප්‍රමාණයෙන් සහල් මෙට්‍රික් ටොන් 1,694,691 ක් නිෂ්පාදනය කළ හැකි බවත්, එය මෙරට මාස අටක සහල් අවශ්‍යතාවයට ප්‍රමාණවත් බවත් එම අමාත්‍යාංශය කියයි.
