වහාම, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට.. නියෝගයක් මෙන්න..

Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 31 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද (13) නියෝග කළේ ය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, 2012 වසරේ ජනවාරි මස 24 වනදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන් අතර ඇතිවූ ගැටුම් වලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට අධික අනර්ථයක් බන්ධනාගාර දේපළවලට සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් 54 දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී ය.

මහින්දගෙ ලඟින්ම හිටිය කට්ටියක්.. අද යන්නම ගිහින්.. යන්න යනකොටම වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

මහින්දගෙ ලඟින්ම හිටිය කට්ටියක්.. අද යන්නම ගිහින්.. යන්න යනකොටම වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

මෙම නඩුවේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ කොට්ඨාශයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ ය.

තෙල් පෝලිමේ ඉන්න තෙල් හිඟයකුත් එයි ද?. අප්‍රේල් වෙනකම්ම.. එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

තෙල් පෝලිමේ ඉන්න තෙල් හිඟයකුත් එයි ද?. අප්‍රේල් වෙනකම්ම.. එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටි විත්තිකරුවන් පස්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටියා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේ ය.

මෙම නඩුව ඉකුත් දිනයේ කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් පිරිසක් වන්දි ගෙවා නඩු කටයුතු අවසන් කිරීමට එකඟ විය.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව අදාළ නඩුව ජනවාරි මස 31 වනදා කැදවීමට අධිකරණය නියෝග කළේ ය.  

You May Like This Video👇 

.