දේශබන්ධු තෙන්නකෝන්ව ඉවත් කිරීමට ගෙනා යෝජනාව සම්මත වෙයි

Report

අද (08) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත වුණා.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කරනු ලැබුවා.

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට

හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට