තම දියණිය මුදලට විකුණූ සිව්දරු මව.

Sri Lanka Police Sri Lanka
By Wayomi Aug 12, 2023 10:05 AM GMT
Wayomi

Wayomi

Report

බාල වයස්කාර තම දියණිය ලිංගික අපයෝජනය සඳහා පුද්ගලයන්ට මුදලට විකුණු එම දැරියගේ මව යැයි පැවසෙන කාන්තාවක 10දා සවස අත්අඩංගුවට දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දැරිය 14 හැවිරිදි වියේ පසු වන අතර ඇයව ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය්හි වාර්තා වන්නේ.

අපහරණයට පත් දැරියගේ පියා මියගොස් ඇති බවත්, සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයන් නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2,000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවත්, මව සිදුකරන එම අසම්මත ක්‍රියාවලිය ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට දැරිය විසින් මෙම සිද්ධිය පවසා ඇති බවයි.

පසුව සැකකාර මව විසින් දැරියව මාස කිහිපයක සිට පුද්ගලයන්ට මුදලට විකුණා ඇති බව දැරිය පොලීසියට පවසා ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණය සඳහා දැරිය මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.      

ReeCha