ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කළ හැටි මෙන්න.

Police Murder Gossips Italian
By Aruna Oct 27, 2021 01:29 AM GMT
Aruna

Aruna

Report

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි සහ තුන් හැවිරිදි වයස් වල පසුවන ගැහැනු ළමයි දෙදෙනෙකු ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇත්තේ නිවසේ සිටි වෙනත් තැනැත්තෙකු විසින් බවයි වෙරෝනා පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට සිද්ධියට සැක කරන කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද ඉතාලි පොලීිසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරෝනා මූලස්ථාන පොලිසියේ ජංගම දුරකථන කණ්ඩායම විසින් විමර්ශන සිදු කරන අතර සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ ගිනි නිවන හමුදාවට අමතරව පලාතේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේද පැමිණ සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now