රක්ෂිතයේ අතරමං වූ තරුණිය දින 5කට පසු හමුවෙයි..කැළේදි සිදුවූ දේ මෙන්න.

Police Army Sri Lanka Missing girl
By Aruna Sep 10, 2021 07:06 AM GMT
Aruna

Aruna

Report

සිය මව සමග දර කැඩීමට නුවරඑළිය, ඩන්සිනන් රක්ෂිතයට ගොස් අතුරුදන් වූ 26 හැවිරිදි තරුණිය දින 5කට පසු සොයාගෙන තිබේ. ඒ නුවරඑළිය, කිකිලියාමාන රක්ෂිතයේ අතරමං වී සිටියදීය.

ඊයේ (09) පස්වරුවේ එම තරුණිය සොයාගත් බව නුවරඑළිය පොලීසිය පැවසීය.

එසේ සොයාගනු ලැබුවේ නුවරඑළිය වත්තපහළ කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති තරුණියකි.

නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ ඊයේ දවස පුරා සිදුකළ මෙහෙයුමකදී එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයාගෙන ඇත.

දින ගණනාවක් ආහාර නොමැතිව සිටි බැවින් එම තරුණිය තරමක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවී ඇත.

අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුර එම තරුණිය රක්ෂිතය තුළ විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් මාර්ගය සොයා ඇති බවද අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now