හරක් මස් රැගෙන යනවයි කියා වයෝවෘද්ධ මිනිසෙකුට දුම්රිය මගින් අමානුෂික ලෙස පහර දෙයි..(VIDEO)

By Sewvandhi Sep 01, 2024 04:24 PM GMT
Report

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් දිස්ත්‍රික්කයේ ඉගට්පුරි අසල සීඝ්‍රගාමී දුම්රියක වයෝවෘද්ධ මිනිසෙකුට එහි ගමන් ගත් මගීන් පිරිසක් පහර දී තිබෙනවා.

දුම්රියෙන් හරක් මස් රැගෙන ගිය බවට පවසමින් මෙසේ ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සතිය මුලදී සිදු වූ බව කියන මෙම සිද්ධියේ වීඩියෝ පටය මෙසේ සමාජ මාධ්‍යවල පළවීමෙන් පසු මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම පහර දීම සිදු කර ඇත්තේ, අදාළ පුද්ගලයා දුම්රියෙන් සිය දියණියගේ නිවසට යමින් සිට ඇති අතර එහිදී ඔහු හරක් මස් රැගෙන යන බව පවසමිනුයි.