පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඡන්ද ක්‍රමයත් වෙනස් වෙයි..

Election Commission of Sri Lanka M A Sumanthiran Sri Lanka Local government Election
By Aruna May 11, 2023 02:20 AM GMT
Aruna

Aruna

Report

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවනවා.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බවටයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ දරනු ලැබූවද එය නොහැකි වුණා.

මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබා දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරිණි.

ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 04 දේශීය ආදායම් සංශෝධන පනත වශයෙන් බලාත්මක වනු ඇති.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබද කාරක සභාව අද (11) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිත අතර ඊට ජාතික රක්ෂණ භාර අරමුදල ද කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි කටයුතු මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now