ඇවිලුණු ගාසාවේ නවතම තත්ත්වය
By Hashini
ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලින් පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදුකළ වෙඩි තැබීම්වලින් 14 දෙනෙකු මියගොස් ඇති බවය.