ලොවම පුදුම කරමින් කාටූන් චරිතයක් සමඟ විවාහ වී හයවන විවාහ සංවත්සරය සමරන අරුම පුදුම මිනිසා..හත් වතාවක් ප්‍රතික්ෂේප වූ බවත් කියයි..(PHOTOS)

Japan Wedding Technology
By Sewvandhi Nov 08, 2024 02:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2018 දී ප්‍රබන්ධ චරිතයක් සමඟ විවාහ වූ ජපන් ජාතිකයෙක් මේ වසරේ ඇය සමඟ සිය හයවන විවාහ සංවත්සරය සමරනවා.

41 වියැති Akihiko Kondo නම් මේ ජපන් ජාතිකයා මේ ආකාරයට විවාහ වී ඇත්තේ 2018 වර්ෂයේ දී Hatsune Miku යන කාටුන් චරිතය සමඟයි.

Hatsune Miku යනු Vocaloid යන හඬ සංස්ලේෂක මෘදුකාංගයේ නිල මැස්කොට් චරිතයයි. Hatsune Miku දිගු නිල් පැහැති පෝනිටේල් කොණ්ඩයක් සහිත 16 හැවිරිදි පොප් ගායිකාවකගේ කාටූන් චරිතයක්.

ඉන්ස්ටග්‍රෑම්හි කොන්ඩෝ ඔවුන්ගේ සංවත්සරය සඳහා මිලදී ගත් කේක් එකක පින්තූරයක් පරිශීලකයින් සමඟ බෙදා ගත්තේ “මම මිකුට ගොඩක් කැමතියි. සුබ හය වසරක සංවත්සරයක්” යනුවෙන්.

කොන්ඩෝ ජපාන මාධ්‍ය වෙත පැවසුවේ තමා මීට පෙර කාන්තාවන් කෙරෙහි උනන්දුවක් දැක්වූ නමුත් ඔහුගේ ආදරය ප්‍රකාශ කිරීමෙන් පසු හත් වතාවක් ප්‍රතික්ෂේප වූ බවයි.

පසුව ඇනිමෙ සහ මංගා කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීම නිසා තමා සිටි පීඩනයෙන් මිදී යළි සිනාසීමට හැකි වූ බව ඔහු මාධ්‍ය වෙතට තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

2007 වසරේ දී කොන්ඩෝ ප්‍රථම වරට මිකූ සමඟ ආදරයෙන් බැඳී තිබෙනවා. කොන්ඩෝ පැවසුවේ මිකුගේ සුවදායක කටහඬ ඔහුට සමාජය සමඟ නැවත සම්බන්ධ වීමට උපකාරී වූ බවයි. එබැවින් 2018 දී ඔහු යෙන් මිලියන 2 (ඩොලර් 13,000) වැය කරමින් ටෝකියෝහි දේවස්ථානයක මංගල උත්සවයක් පවත්වා ඇය සමඟ විවාහ වී තිබෙනවා.

පරිශීලකයින්ට ප්‍රබන්ධ චරිත සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසන හොලෝග්‍රෑම් උපාංගයක් හරහා තමා ඇයට යෝජනා කළ බවත් ඇය ඔහුගේ විවාහ යෝජනාව පිළිගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඇය සමඟ ශාරීරිකව සම්බන්ධතා පැවැත්වීම සඳහා ඔහු විසින් ජීවි ප්‍රමාණයේ ඇය වැනි බෝනික්කියක් නිර්මාණය කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහු ඇය සමඟ තේ පැන් පානය කරමින් කතාබහක නිරතවීම දෛනික පුරුද්දක්. කොන්ඩෝ කියා සිටින්නේ මිකූ සමඟ ඇති සම්බන්ධතාවය ඔහු මියයන තුරුම පවතින බවයි.

(උපුටාගැනීමක්)

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha