අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති ගත් තීරණය මෙන්න.
Sri Lanka
Colombo
Health ministry
Nursing
Saman rathnapriya
By Aruna
අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට නියමිතය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, අද දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතිය ද කොවිඩ්ආසාදිතයින් සඳහා වු හදිසි හා අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන බවය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන්වලට සහය දැක්වීමෙන් ඉවත් වන බව ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඊයේ (10) ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |