හරක් කටාගේ නඩුව කල් යයි

Sri Lanka Magistrate Court Law and Order Sinhala news
By Hashini May 20, 2025 06:28 AM GMT
Hashini

Hashini

Report

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

එම නඩුව ගොනු කර ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නඩුවට අදාලවයි.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අල්ලස් ඉල්ලු සුරාබදු නිලධාරින් ගැන චෝදනාවක්

අල්ලස් ඉල්ලු සුරාබදු නිලධාරින් ගැන චෝදනාවක්

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගයේ ජුලි මස 15 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා.

නඩුවේ සාක්ෂිකාරියක වන ඉන්ද්‍රානි ඩයස් නමැත්තිය අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී සිටි අතර ඇයට මීළඟ දින අධිකරණය පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා.

දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත මර්ධන කාර්යාංශ නිලධාරීන් ඔහු මාධ්‍ය වලට නිරාවරණය නොවන පරිදි ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කළා.  

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

ReeCha