ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

Report

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ නීති පැනවීමට හා ඒවා කඩකරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එමගින් හැකියාව ලැබෙන බවයි එහි සභාපති කුමාරි ජයරත්න මහත්මිය සඳහන් කළේ.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින ආයතන ව්‍යුහය මගින් එවැන්නක් සිදු කළ නොහැකි බවයි.

කෙහෙළිය අද අධිකරණයට

කෙහෙළිය අද අධිකරණයට

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත් කිරීමෙන් දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17 සිට 5ක් දක්වා අඩුවනු ඇති.

නීතිමය රාමුවක් තුළ නීතිමය ප්‍රතිපාදන ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම ලෙස මාර්ග ආරක්ෂාව සඳහා පියවර ගත හැකි බවද සභාපතිනිය සඳහන් කළා.

සභාපතිවරිය ප්‍රකාශ කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවයි. 

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)