අල්ලස් ඉල්ලු සුරාබදු නිලධාරින් ගැන චෝදනාවක්

Bribery Commission Sri Lanka Excise Department of Sri Lanka Sinhala news
By Hashini May 20, 2025 05:54 AM GMT
Hashini

Hashini

Report

බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය පවසන්නේ සුරාබදු නිලධාරීන් විසින් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති බවයි.

අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ද එහි සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළා.

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

මේ පිළිබඳ බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා,

"අප සංගමයෙන් ලියුමක් යොමු කළා සුරාබදු කොමසාරිස් ජනරාල්ට. ඊට අමතරව ඒක ජනාධිපතිතුමාට, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට සහ CIDයට පිටපත් යැව්වා. මේ සුරාබදු නිලධාරීන් අල්ලස් නොදෙන බලපත්‍රලාභීන්ට හිරිහැර කරනවා. මහා පරිමාණ වැරදි කරන බලපත්‍රලාභීන් ගොඩක් ඉන්නවා. ඒ අය ගැන කිසිම කටයුත්තක් කරන්නේ නෑ. සුළු වැරදි කරන අයට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කරනවා අල්ලස් නොදෙන නිසා. බලපත්‍ර පවත්වාගෙන යෑමේ දී මේ අය බලාපොරොත්තු වෙනවා මාසිකව ගානක්. ඒ අයට ඇවිත් ඕනෑම දෙයක් ලියන්න පූළුවන් කියලා තර්ජනය කරලා, එහෙම මුදල් ඉල්ලන්නේ. එහෙම නොදෙන අයට තමා මේ හිරිහැර කරන්නේ."

එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් රජය සමයේ ලබාදුන් මත්පැන් බලපත්‍ර ද ඇතැම් සුරාබදු නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට ලබා දී ඇති බවයි. 

කෙහෙළිය අද අධිකරණයට

කෙහෙළිය අද අධිකරණයට

ReeCha