පළමු 20-20 තරගය අද ඇරඹේ.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද ආරම්භ වෙනවා.
එය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිසු හසරංගට හිමිව ඇත.
පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.