බිරිඳගෙන් වැඩි සල්ලි ගන්න දියණියට පහර දුන් පියාට වැඩ වරදී..

Sri Lanka Police Sri Lanka Child Abuse
By Piyumika Sep 01, 2024 07:34 AM GMT
Piyumika

Piyumika

Report

විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස අවුරුදු 05 ක තම දියණිය කෲර ලෙස වදහිංසා කළ බව කියන පියෙකු පොලීසියට ලද පැමිණිල්ලක් මත අත් අඩංගුට ගත් බව දෙණියාය පොලීසිය වාර්තා කලේය .

එදා රනිල්ට බෑ කියල පක්ෂයත් කඩල අද රනිල් ලගට ගිය තලතාට රෝහිණීගෙන් සැර පහරක්..

එදා රනිල්ට බෑ කියල පක්ෂයත් කඩල අද රනිල් ලගට ගිය තලතාට රෝහිණීගෙන් සැර පහරක්..

මෙසේ අත් අඩංගුට ගෙන ඇත්තේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුදලයෙකි .

සැකකරුගේ දෙවනි විවාහයේ දරුවා වන අතර ඇයට කොණ්ඩයෙන් අල්ලා පහර දෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර විදේශගතව සිටින බිරිද හට එම වීඩියෝ දර්ශන යාවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලීසිය කියයි.

දිවුල් ගහකින් වැටිලා ඉස්පිරිතාලෙට ගෙනාව රොගියා ගැන හොයනකොට එලියට ආපු නොහිතපු කතාව..

දිවුල් ගහකින් වැටිලා ඉස්පිරිතාලෙට ගෙනාව රොගියා ගැන හොයනකොට එලියට ආපු නොහිතපු කතාව..

සිය දරුවාට පහර දෙන වීඩියෝ දර්ශන නරඹා ඒ බව එම කාන්තාවගේ නාගොඩ ප්‍රදේශයේ පදිංචි මවට දැනුම් දීමෙන් අනතුරුව එම කාන්තාව දෙණියාය පොලීසිය (31) ද පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව දෙනියාය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න පැවසීය.