එදා රනිල්ට බෑ කියල පක්ෂයත් කඩල අද රනිල් ලගට ගිය තලතාට රෝහිණීගෙන් සැර පහරක්..

Report

තලතා අතුකෝරළගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා කණගාටු වන අතර එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය .

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න කියා සිටියේ තලතා අතුකෝරළ තමා ඉතා ලගින්ම ආශ්‍රය කරපු කෙනෙක් බවය. තමාව සමගි ජනබලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් කඩලා ගෙනාවෙත් තලතා අතුකෝරළ බව මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ජාතික අපරාධයක් පිළිබඳ ජනපතිගේ අවධානය ..

ජාතික අපරාධයක් පිළිබඳ ජනපතිගේ අවධානය ..

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න

“අතුකෝරළ මැතිණිය එදා කිව්වා රනිල් මහත්තයට බෑ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක යමු කියලා . එතුමියම තමයි පක්ෂය කැඩුවේ.එතුමිය පක්ෂය කඩනකොට එතුමියට හිතුණේ නැද්ද මේක. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමියට ගරහනවලු,රනිල් වික‍්‍රමසිංහ මහත්තයට පුළුවන් කියලා එතුමිය යනවා නම් ආයේ ටික දවසකින් කියයි රනිල්ට බෑ කියලා. මඩේ හිටවපු ඉන්නක් වගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට පත් වෙනවා කියන්නේ පසුගිය ඡන්ද වල දෙලක්ෂ පනස්දාහකට සීමා වුණා. ඒක නිසා හරි තතක්සේරැවක් කර ගන්න බැරි නෝනා මහත්මියක් පක්ෂයකට පත්කර ගනීද කියන සැකය අපිට තිබෙනවා. එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කරා කියලා තමයි මට කියන්න තියෙන්නේ " කියා සිටියාය.