මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය අද
Sports
Latest Headlines
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Shehan
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය නිශ්චිත දිනයකින් තොරව කල් දමා ඇත.
එම ආයතනය නිවේදනය කළේ, නිලවරණය නැවත පැවැත්වෙන දිනය ගැන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(18) දිනයේදී දැනුම් දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේ පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සැලසුම් කර තිබුණි.
මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත් වී ඇති අතර, ඒවා පිළිබඳ සිදුකළ විභාගයෙන් පසු එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අදාළ ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.
