මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

Report

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත, 2011 අංක 40 පනතින් සංශෝධිත විධිවිධාන යටතේ, හිටපු අමාත්‍යවරයාගේ වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස්, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ නීතිවිරෝධී ලෙස දේපළ හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි සොයා බැලීමට විමර්ශනයක් සිදුකරන ලෙස එම පැමිණිලිකරු ඉල්ලා ඇති බව පොලීසිය පවසයි.

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?