චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

Report

සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්චාවක් දුන් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා ඇත්තේ ‘ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම ගමන් කරන එකම රජය අපි’ ලෙසයි.

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ඔහු පැවසුවේ ,

" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම ගමන් කරන එකම රජය මේක. අප මේ කිසිදු ප්‍රතිපත්තියකින් බැහැර වන්නේ නැහැ. ඒත් යථාර්ථය වන්නේ මේ ජනවරම අපට දී තිබෙන්නේ අවුරුදු 5ක කාලයකට. 2025දී අප මේ රට ආරම්භ කරනකොට 2022 සිට මේ රට නැවතිලා තිබුණේ. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට හයිවේ එක ඕපන් කරලා ඒකෙන් ලකුණු දාගන්න පුළුවන් වෙන්නේ ඊට කලින් පැවති චන්ද්‍රීකා ආණ්ඩුව විසින් ඒ ඉඩම් ටික අරගෙන අවශ්‍ය කටයුතු ඉවර කරපු නිසා.

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අපි ගත්තේ ඒ විදියට දුවන රටක් නෙවෙයි; නැවතිච්ච රටක්. ඒ නිසා අපට යම් සාධාරණ කාලයක් මේ රට යථා තත්ත්වයට ගන්න වැය කිරීමට සිදු වීම සාමාන්‍යයක්. අපට පැවරුණු ප්‍රධාන වගකීම වුණේ ඒ තත්ත්වයෙන් මේ රට ගොඩගැනීමයි. ඒ අනුව පියවරෙන් පියවර මේ දේවල් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. ඒ කාර්යය අප දැන් අවසන් කර තිබෙනවා."

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු