දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය ඇති රට ගැන අණාවරණයක්.

Pakistan World
By krishani Jun 02, 2023 11:03 PM GMT
krishani

krishani

Report

දකුණු ආසියාවේ ඉහළම උද්ධමන අගය පාකිස්ථානයෙන් වාර්තා වේ.

ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමඟ එරට උද්ධමන අගය දැක්වෙන්නේ 37.97%ක් ලෙස යි.

පකිස්ථානයේ ආහාර ද්‍රව්‍ය අතර අර්තාපල්, තිරිඟු පිටි, බිත්තර සහ සහල් පසුගිය වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේ දී අධික ලෙස මිල  ඉහළ ගියේ ය.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ පෙළපොත්, ලිපි ද්‍රව්‍ය, ඉන්ධන වැනි ද්‍රව්‍යවල ද මිල අධික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

විදේශ ණය ඉහළ යාම, මුදල් ඒකකය දුර්වල වීම සහ විදේශ විනිමය සංචිත අඩුවීම ඇතුළු සාධක රැසක් හේතුවෙන් මෙලෙස පාකිස්ථානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

එසේම ගෝලීය බලශක්ති අර්බුදයක් සහ පසුගිය 2022 දී පාකිස්ථානයේ ඇති විය.

එරටට බලපෑ විශාල ගංවතුර ආපදා තත්ත්වය ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට බලපෑ විදෙස් මාධ්‍ය  වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join