රටේ නිල පොලිස්පති දේශබන්දු...
අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණයට බාර වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් නිල වශයෙන් පොලිස්පති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකින් අනතුරුව පසුගිය කාලයේ අධිකරණ නියෝග මත එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබියදී අපරාධමය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වනවිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කළත් තවදුරටත් පොලිස්පතිවරයා වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා බව එම ආරංචි මාර්ග පවසනවා.
පොලිස්පතිවරයා නිල වශයෙන් ඉවත් කරන්නේ නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත විය යුතුයි. අධිකරණ නඩු කටයුතු අවසන් වූ පසු යළිත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් ක්‍රියා කරනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසනවා.
