සීෂෙල්ස්-ඕමාන රට රැකියා සඳහා කාන්තාවන් සේවයට යැවූ ඒජන්සියක් තහනම් කෙරේ.

Sri Lanka
By Wayomi Dec 23, 2022 06:48 AM GMT
Wayomi

Wayomi

Report

සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින්.

මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාල ඒජන්සි ආයතන බලපත්‍රය අවලංගු කරන ලෙස නියෝග කර තිබෙනවා.

කාන්තාවක් විදේශගත වීම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඇයගේ ලියාපදිංචිය පරික්ෂා කිරීමේදී ඇය සතුව තිබී සීෂෙල්ස් රාජ්‍යයට නිකුත් කළ රැකියා වීසා පතක් සහ ඕමාන් රාජ්‍යයට නිකුත්කළ සංචාරක වීසා පතක් හමුවූ බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඒජන්සි ආයතනයක් මැදිහත්වී ලේඛන සකස්කර ඒජන්සි ආයතනය වගකීමෙන් බැහැරවී මෙම කාන්තාව පුද්ගලිකව ගෙන්වාගත් වීසාපතකින් ලියාපදිංචි වන ආකාරයට පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW